තොරතුරැ සංනිවේදනය හා සමාජය


තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ සමාජය(ICT and Society)
 තොරතුරු සන්නිවේදන තාක්ෂණය බලපාන සමාජයේ විවිධ ක්ෂේත්‍ර
සෞඛ්‍ය ක්ෂේත්‍රය
අධ්‍යාපන ක්ෂේත්‍රය
කෘෂිකාර්මික ක්ෂේත්‍රය
කාර්මික ක්ෂේත්‍රය
බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය
වෙළඳ ව්‍යාපාර
සෞඛ්‍ය ක්ෂේත්‍රය
MRI Scanning –  X-ray භාවිතා නොකර ශරීරයේ නොයෙකුත් කොටස් වල පින්තූර ලබා ගැනීමට භාවිතා කරයි.රෝගියා තබන ස්ථානයේ විශාල චුම්බකයක් තබා ඇත.රේඩියෝ තරංග ශරීරය තුලට යවා දත්ත ලබා ගනී.
CAT Scanning – X කිරන මගින් ලබා ගන්නා ඡායාරූප වලින් සමන්විත වේ.ශරීරයේ හරස්කඩ පින්තූර ලබා ගනී.
EEG - හිසමත සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් සංඥා ලබා ගෙන මොළයේ ක්‍රියාකාරිත්වය මනිනු ලබයි.
ECG - හෘදයේ ක්‍රියාකාරිත්වය හා අසාමානතා හඳුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණයකි.
Tele Medicing(ටෙලි වෙදකම) - අන්තර්ජාලය හරහා රෝගියකුගේ රෝගී පරීක්ෂාව ,බෙහෙත් වර්ග තීරණය කිරීම සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ආදිය වේ.
E- Channeling – අන්තර්ජාලය හරහා රෝහල් සහ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීම
වෛද්‍ය පර්යේෂණ සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම
ශළ්‍යකර්ම වලදී
රෝහල් වල වෛද්‍ය වාර්තා තබා ගැනීම
Tele Medicing වල අභියෝග
වෛද්‍යවරයාගේ වගකීම සම්බන්ධ ගැටලු.
වෛද්‍යවරයා නිසි සුදුසුකම් ලද්දෙක් ද යන්න වග
වැඩි මුදල් ප්‍රමාණයක් වැය වීම
ආරම්භක වියදම් ඉහල වීම
තොරතුරු හුවමාරුව සඳහා වැඩි වියදමක් යාම

අධ්‍යාපන ක්ෂේත්‍රය
මෙය කොටස් 3කි.
1. E learning (විද්්‍යුත් ඉගෙනීම)
2. ඉගෙනුම් කළමණාකරණ පද්ධතිය
3. පාසල් තොරතුරු කළමනාකරණ පද්ධතිය
විද්්‍යුත් ඉගෙනීම (E learning)
විද්්‍යුත් අධ්‍යාපනය යනු තොරතුරු සහ සන්නිවේදන උපාංග ඇසුරින් අධ්‍යාපනය ලැබීම වේ.
පරිගණක පාදක ඉගෙනුම (CBT)
පරිගනක ආධාරක ඉගෙනුම (CAL)
අන්තර්ජාල පාදක ඉගෙනුම (WBT)
අන්තර්ජාලය හරහා දුරස්ථ අධ්‍යාපනය
අධ්‍යාපනික සීඩී/ඩීවීඩී ආදිය නැරඕම.
ඉගෙනුම් කළමනාකාර පද්ධතිය
විශාල කණ්ඩායම් වලට අර්ථවත් ලෙස ඉගෙනුම් කල හැකි ක්‍රමවේදයකි.මෙහි දී විවිධ මෘදුකාංග භාවිතා කරයි.
පාසල් තොරතුරු කළමනාකාර පද්ධති
විවිධ මෘදුකාංග භාවිතා කරමින් පාසල් ක්‍රියාවලිය කාර්්‍යක්ෂම කිරීම පාසල් තොරතුරු කළමනාකරණ පද්ධතියෙන් සිදු වෙයි.මේ මගින්
ගුරු කාලසටහන් සැකසීම
සිසුන් ලියාපදිංචි කිරීම
පංති බෙදීම
ගුරු වැටුප් සැකසීම
ගුරු නිවාඩු සැකසීම
චරිත සහතික නිකුත් කිරීම
පහසුකම් ගාස්තු

කෘෂිකාර්මික ක්ෂේත්‍රය
තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කෘෂිකාර්මික  දැනුම බෙදා ගැනීම
දුෂ්කර ප්‍රෙද්ශ වල සිටින ගොවීන් දැනුවත් කිරීම
ආනයන සහ අපනයන කරුවන් අන්තර්ජාලය හරහා ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීම
කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට අවශ්‍ය කාළගුණික තොරතුරු ලබ දීම
වෙළඳපල මිළ ගණන් පිළිබඳව දැනුවත් කිරීම
කෘෂි පර්යේෂණ සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනිම
නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය
කිරි ලබා ගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම
සත්ත්ව ආහාර සැකසීමේ දියුණු ක්‍රම භාවිතය
පලිබෝධනාශක නිෂ්පාදනය
කර්මාණ්ත ක්ෂේත්‍රය
රොබෝ තාක්ෂණය භාවිතය
පරිගණක ආධාරයෙන් සැලසුම්කරණය. මේ සඳහා CAD මෘදුකාංග යොදා ගැනේ.(උදා.Autocad)
නවීන යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය
බැංකු ක්ෂේත්‍රය
ණයපත් භාවිතය(Credit card)
ATM
බැංකු කටයුතු පාලනය කිරීම
අන්තර්බැංකු මුදල් හුවමාරුව
පොළිය ගණනය කිරීම
ව්‍යාපාරික ක්ෂේත්‍රය
Online shopping(E – commerce) විද්්‍යුත් වාණිජ්‍යය
ප්‍රචාරණය (උදා. වෙළඳ දැන්වීම්,පුවත්පත්,අන්තර්ජාලය හරහා ප්‍රචාරන ක්‍රම භාවිතය)
ගිණුම් වාර්තා තබා ගැනීම
සේවක වාර්තා තබා ගැනීම
විද්්‍යුත් වාණිජයේ වාසි(අන්තර්ජාල වෙළඳාම Online shopping)
අතරමැදියන් අඩු වීම
පිරිවැය අඩු වීම
පුලුල් වෙළඳපල
පැය 24 පුරා විවෘත වීම
ගුණත්වයෙන් උසස් භාණ්ඩ ලබා ගැනීමට හැකි වීම
Credit card, Charge card ආදියෙන් ගෙවීම් කල හැකි වීම
Online සාප්පු සවාරි යාමේදී ආරක්ෂාව සඳහා අනුගමනය කල යුතු ක්‍රියා
ඔබ ගනුදෙනු කරන පුද්ගලයා ගැන හොඳින් දැන සිටීම(ලිපිනය,දුරකථන අංක අදිය)
කෙතරම් මුදලක් වැය වේද යන්න
ගෙවීම් ක්‍රමවේදය කුමක් ද යන්න දැන සිටිය යුතුය.(Credit card,Chard card,Paypal)
ගණු දෙනු නීති රීති පිලිබඳව දැන සිටිය යුතුය
සුපරීක්ෂාකාරීව ගෙවීම් සිදු කිරීම
පරිගනක සාරධර්ම ,නීතිමය හා සාමාජීය ප්‍රශ්න
පරිගනක සාරධර්ම යනු කුමක් ද? 1.පරිගනක භාවිතා කිරීමේ දී හර දේ කුමක් ද වැරදි දේ කුමක් ද යන්න හඳුනාගෙන කටයුතු කිරීම 2.අන් අයට බාධා නොවන ආකාරයට සාධාරන ආකාරයට පරිගනක තාක්ෂණය භාවිතා කිරීම
පරිගනක හිංසාකාරී ක්‍රියාවන්
වෛරස් ආදි හානිදායක වැඩසටහන් නිපදවීම
හැක් කිරී හෙවත් අන් අයගේ පරිගනක වලට අනවසරයෙන් ඇතුල් වී හානිදායක ක්‍රියාවන් සිදු කිරීම
අන් අයගේ පෞද්ගලිකත්වයට බාධා කිරීම (උදා.පෞද්ගලික තොරතුරු ලබා ගැනිම,තර්ජනය කිරීම වැනි)
මෘදුකාංග සොරකම් කිරීම
අසභ්‍ය වෙබ් අඩවි,වීඩියෝ දර්ශන සඳහා යොමු කරවීම

පරිගනක සාරධර්ම ,නීතිමය හා සාමාජීය ප්‍රශ්න
1) පරිසර සාධක වලින්
a) දූවිලි වලින් තොර ස්ථානයක පරිගනකය තැබීම
b) හිරු එළිය කෙලින්ම නොවදින ස්ථානයක තැබීම
c) තෙත සහිත ස්ථාන වල තැබීමෙන් වැලකීම
2) දෘඩාංග වල ආරක්ෂාව සඳහා
a) UPS එකක් භාවිතය (විදුලි ඇණ හිටීම් වලින් පරිගනකය ආරක්ෂා කර ගැනීම සඳහා)
b) අකුණු ආරක්ෂණ ක්‍රම භාවිතය
c) වෝලිටීයතා පාලකයක් භාවිතා කිරීම
3) මෘදුකාංග වල ආරක්ෂාව සඳහා
a) මුරපද (password) යෙදීම
b) Backup කිරීම හෙවත් දත්ත වල පිටපත් ලබා ගැනීම.(මේ සඳහා දෘඩ තැටිය,CD,DVD,Flash drive ආදිය භාවිතා කල හැකිය.)
පරිගනකයට හානි දායක වැඩසටහන්
පරිගනක වලට පිටින් පැමිණෙන හානිදායක වැඩසටහන් වර්ග 3කි.එනම්,
වෛරස වර්ග
Worm
Trojan horse (ට්‍රොජන් අශ්වයා)
වෛරස වර්ග
වෛරස යනු පරිගනකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන වැඩසටහන් විශේෂයකි.මේවා,
පරිගනකයෙන් පරිගනකයට ගමන් කරයි
මිනිසා විසින් නිපදවයි
තමා විසින්ම පිටපත් සකස් කර ගනී
පරිගනකයේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි.
උදා.file virus,Boot sector Virus
වෛරසයක් පරිගනකයට ඇතුල් විය හැකි ක්‍රම.
විද්යුත් තැපෑල(E mail මගින්)
අන්තර්ජාලයෙන් තොරතුරු Download (බා ගැනීම මගින්) කිරීම මගින්.
Flash drive (සැනෙලි මතකය) මගින්
වෛරස් ආසාධිත CD,DVD ආදිය මගින්
Floppy disk මගින්

වෛරසයක් වලින් පරිගනකයක් ආරක්ෂා කරගත හැකි ක්‍රමවේද,

මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම (update )
Virus Guard එකක් ස්ථාපිත කිරීම(ප්‍රති වෛරස මෘදුකාංගයක්)
Virus Guard එක යාවත්කාලීන කිරීම.
නොදන්නා ලිපින වලින් පැමිණෙන E mail නැරඕමෙන් වැලකීම
සැක සහිත Flash drive පරිගනකයට සම්බන්ධ කිරීමෙන් වැලකීම.
පරිගනකයට සම්බන්ධ කරන උපාංග වෛරස් මෘදුකාංගය මගින් ස්කෑන් කිරීමකට ලක් කිරීම
Firewall යනු,
අනවසරයෙන් පුද්ගලයින් පරිගනකයට ඇතුල් වීම වලක්වන මෘදුකාංගයකි.
Trojan Horse යනු,
ප්‍රයෝජනවත් වැඩසටහනක් හෝ මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් පරිගනකයට හානි පමුණුවන මෘදුකාංග වේ.
ICT සහ සෞඛ්‍යය
පරිගනකය භාවිතයේ දී ශරීරයේ සමහර අවයව වලට විවිධ බලපෑම් ඇති විය හැකිය.පරිගනකය දිගු වේලාවක් භාවිතා කිරීම නිසා මෙවැනි තත්වයන් හට ගත හැකිය.මෙය පොදුවේ repetitive strain injuries (RSI) ලෙස හැඳින්විය හැකිය.උදා.බෙල්ල,කොන්ද,ඇස්,අත් වැනි...මෙවැනි තත්වයන් වලක්වා ගැනීම සඳහා පහත පියවරයන් අනුගමනය කල හැකිය.
i) ඉඳගැනීමේ දී
(1) නිවැරදි උසකින් ඉඳගැනීම
(2) නිවැරදි ඉරියව්වකින් ඉඳගැනීම
(3) කොන්ද සෘජුව තබා ගැනීම
(4) පාද බිම ගෑවෙන සේ තබා ගැනීම
ii) යතුරු පුවරුව භාවිතයේ දී,
(1) මැණික් කටුව අත හා කෙලින් තබා ගැනීම
(2) ඇඟිලි ස්වාභාවිකව නැවීම
(3) යතුරු පුවරුව නිවැරදි උසකින් තබා ගැනීම
iii) මවුසය භාවිතය
(1) Mouse Button ඉතා මෘදුව ස්පර්ශ කිරීම
(2) තදින් ස්පර්ශ නොකිරීම
(3) අතට අසුවන පුමාණයේ මවුසයක් භාවිතා කිරීම
iv) ඇස හා පරිගනක තිරය
(1) ඇසත් මොනිටරයත් අතර දුර අඟල් 18 ත් 30 ත් අතර ප්‍රමාණයකින් තබා ගැනීම
(2) මොනිටරය ඇස් මට්ටමට වඩා පහලින් නිතරම තබා ගැනීම
(3) සාමාන්‍ය ඇසිපිය ගැසීමේ වේගය පවත්වාගෙන යාම
(4) විටින් විට විවේකයක් ගැනීම
(5) පරගනක තිරයට කෙලින්ම ආලෝකය පතිත නොවන ස්ථානයක පරිගනකය තැබීම
DIGITAL DIVIDE (ඩිජිටල් බෙදීම)
තොරතුරු තාක්ෂණය නැතහොත් පරිගනක තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව ඇති හා අවස්ථාව නැති අය අතර ඇති පරතරය ඩිජිටල් බෙදීම යනුවෙන් හැඳින්විය හැකිය.උදා.වයස් පරතරය අනුව,නාගරික සහ ග්‍රාමීය වශයෙන්
මෙම තත්වය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග,
දුෂ්කර ප්‍රදේශ වල පාසල් සඳහා පරිගනක පහසුකම් ලබා දීම
පරිගනක දැනුම ඇති ගුරුවරුන් ලබා දී පරිගනක සාක්ෂරතාවය දියුණු කිරීම
දුෂ්කර ප්‍රදේශ වල පරිගනක මධ්‍යස්ථාන පිහිටුවීම
පරිගනක පුහුණු කිරීමේ ආයතන ඇති කිරීම
නැණසල වැනි ආයතන ලබා දී අන්තර්ජාල පහසුකම්,නොමැති ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබා දීම
පරිගනක දැනුම නොමැති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් තෝරා පුහුණු පාඨමාලා ලබා දීම
යටිතල පහසුකම් පුලුල් කිරීම