පරිගනක ඉතිහාසය


පරිගනක භාෂා

පරිගනක භාෂාවක් යනු :
  • පරිගනකය කළයුතු විශේෂ කාර්යයක් ඉටු කරන ආකාරය දැක්වෙන උපදෙස් සමූහයකි.
  • පරිගනකයට උපදෙස් ලබාදීම සඳහා නිර්මාණය කරන ලද විධිමත් භාෂාවකි.
  • පරිගනකයේ හැසිරීම පාලනය කිරීම සඳහා නිර්මාණය කරන ලද විධිමත් භාෂාවකි.

පරිගනක භාෂාවන්ගේ පරිණාමය ප්‍රධාන වශයෙන් කොටස් 2 කි.
  • පහළ තලයේ පරිගනක භාෂා (Low Level Programming Languages)
    • යන්ත්‍ර භාෂාව (Machine Language)
    • එසෙම්බ්ලි භාෂාව (Assembly Language)
  • ඉහළ තලයේ පරිගනක භාෂා (High Level Programming Languages)
 
පහළ තලයේ පරිගනක භාෂා (Low Level Programming Languages)
පහළ තලයේ පරිගනක භාෂාසඳහා උදාහරණ දෙකකි.

යන්ත්‍ර භාෂාව (Machine Language)
යන්ත්‍ර භාෂාවේ ලක්ෂණ පහත පරිදි දෙක්විය හැකිය.
  • පරිගනකය තුළ ඍජුවම ක්‍රියාත්මක කළහැකි පරිගනක භාෂාව වේ.
  • පරිගනකට උපදෙස් දීම සඳහා "0" සහ "1" යොදාගනු ලබයි.
  • පරිගනකයට තේරුම් ගතහැකි එකම පරිගනක භාෂාව යන්ත්‍ර භාෂාවයි.
  • පරිගනකය තුළ ක්‍රියාත්මකවීම ඉතා වේගවත් වේ.
  • භාෂා පරිවතක වැඩසටහන් අවශ්‍ය නොවේ.
  • යන්ත්‍ර භාෂා ඉතා සංකීර්ණ බැවින් මිනිසාට තේරුම් ගැනීම අපහසුය.
  • යන්ත්‍ර මත යැපීම නිසා එක් යන්ත්‍රයකට ලියන ලද ක්‍රමලේඛයක් වෙනත් යන්ත්‍රයකට භාවිතා කළ නොහැකිය.

එසෙම්බ්ලි භාෂාව (Assembly Language)
එසෙම්බ්ලි භාෂාවේ ලක්ෂණ පහත පරිදි දෙක්විය හැකිය.
  • එසෙම්බ්ලි භාෂාව, යන්ත්‍ර භාෂාව මත පදනම්ව ලියන ලද විධාන වෙනුවට සරල සංඛේත භාවිතා කරයි.
  • එසෙම්බ්ලි භාෂාවට විශේෂිත වූ විධාන සහ එම විධාන ලිවීමේ ආකෘතියක් ඇත. ඒවා භාවිතා කරමින් වැඩසටහන් ලියනු ලබයි.
  • පරිගනකය මත ක්‍රියාත්මකවීම යන්ත්‍ර භාෂාවට වඩා වේගයෙන් අඩුය.
  • යන්ත්‍ර මත යැපීම නිසා භාවිතය අපහසුය.
  • මිනිස් භාෂාවන්ට තරමක් සමීප සංඛේත භාවිතා කිරීම නිසා යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව තේරුම් ගැනීම පහසුය.
  • භාෂා පරිවර්තක වැඩසටහනක් මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරයි. එම භාෂා පරිවර්තක වැඩසටහන ඇසෙම්බ්ලර් ( Assembler) ලෙස හැඳින්වේ.

ඉහළ තලයේ පරිගනක භාෂා (High Level Programming Languages)
ඉහළ තලයේ පරිගනක භාෂාවල ලක්ෂණ පහත පරිදි දෙක්විය හැකිය.
  • ඉංග්‍රීසි භාෂාවේ සරල වචන යොදාගනිමින් ඉහළ තලයේ පරිගනක භාෂා ලියනු ලබයි.
  • ඉංග්‍රීසි භාෂාවේ සරල වචන යොදාගනිමින් ලියන නිසා තේරුම් ගැනීමට පහසු වේ.
  • යන්ත්‍ර භාෂාව මත යැපීමක් සිදු නොවන නිසා, ඕනෑම පරිගනකයක ක්‍රියාත්මක කළ හැකිය.
  • භාෂා පරිවර්තක වැඩසටහනක් යොදාගනිමින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුය. ඒ සඳහා භාෂා පරිවර්තක වැඩසටහන් ලෙස අර්ථවින්‍යාසක (Interpreter) සහ සම්පාදක (Compiler) භාවිතා කරයි.
  • ඉහළ තලයේ පරිගනක භාෂා සඳහා උදාහරණ :
    • Pascal
    • JAVA
    • C
    • C++
    • C#
    • VB
    • Ada
    • Algol
    • BAISIC
    • Python
    • FORTRAN

සියලුම පරිගණක භාෂාවන් ඒවගේ විධානයන්ගේ ස්වරූපය අනුව කොටස් 4කට බෙදා දක්වයි.
  • පළමු පරම්පරාවේ පරිගණක භාෂා හෝ යන්ත්‍ර භාෂා ( Machine Languages )
  • දෙවන පරම්පරාවේ පරිගණක භාෂා හෝ එසෙම්බ්ලි භාෂා ( Assembly Languages )
  • තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂා හෝ ඉහළ මට්ටමේ භාෂා ( High Level Languages)
  • හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂා හෝ නිර්මාපිත භාෂා ( Artificial Languages )
පරිගණක භාෂාවන්ගේ පරිණාමයට බලපෑ මුලික හේතු කිහිපයකි.
  1. පරිගණක වල මිල ක්‍රමයෙන් පහත වැටීම හා පරිගණක සාමාන්‍යය පුද්ගලයෙකුට මිලදී ගතහැකි උපකරණයක් බවට වීම.
  2. පරිගණක වල ධාරිතාවයන් ( Storage ) හා දත්ත සැකසීමේ වේගය( Processing Speed ) ක්‍රමයෙන් වැඩිවීම.
  3. පරිගණක වල විශාලත්වය පොඩි වීම.
  4. පරිගණක විවිධ කාර්යයන් මෙන්ම සංකීර්ණ කාර්යයන් සඳහා යොදාගැනීම.
පරිගණක භාෂාවන්ගේ විකාශනයේ දී දක්නට හැකි මුලික ලක්ෂණයක් වන්නේ එම භාෂා ක්‍රමයෙන් අපිට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සහ භාවිතයට පහසු භාෂාවක් සේ විකාශනය වීමයි.

විවිධ තොරතුරැ පද්ධති සංවර්ධන ආකෘති සහ ක්‍රමවේද

ප්‍රධාන වශයෙන් තොරතුරැ පද්ධති කෘති 4ක් පිළිබව හඳුනාගන්න පුලුවන්.
  1. දියලි කෘතිය
  2. සර්පිල කෘතිය
  3. ඒකී - කෘත කෘතිය
  4. ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන කෘතිය

දියල්ලක් වගේ ගලායන දියලි(Waterfall) කෘතිය

තොරතුරැ පද්ධතියක් තුළ තියෙන සංවර්ධන පියවරයන් රේඛීය සරල ක්‍රමයට ඉදිරිපත් කරන අවස්ථාවක් විදිහට මේ දියලි කෘතිය හඳුන්වන්න පුලුවන්. මෙම කෘතිය මුළින්ම ඉදිරිපත් කළේ W.W. Royce නම් තැනැත්තෙක්. ඒ 1970 වර්ෂයෙදී පමණ.



දියඇලි ආකෘතියෙ මූලික පියවර

1. පද්ධති අර්ථ දැක්වීම (System Definition)
2. පද්ධති විශ්ලේෂණය (System Analyzing)
3. පද්ධති පිරිසැලසුම (System Design)
4. පද්ධති සංවර්ධනය (System Development)
5. පද්ධති පරික්ෂාව (System Testing)
6. පද්ධති ක්‍රියාවට නැංවීම (System Implementation)
7. පද්ධති නඩත්තුව (System Maintenance)

මේ දියඇලි ආකෘතියට අනුව ගත්විට මෙහි එක් පියවරක වලංගුබව, එහෙමත් නැත්නම් සකසනය අනුව තමයි ඉදිරි පියවර කරා යොමුවෙන්න පුලුවන්වෙන්නෙ. හදිසියෙවත් එහෙම වුණේ නෑ කියල හිතමු. එතකොට මොකද වෙන්නෙ? එතකොට ඒ මතුවන පියවර පුණර්කරණය වීමක් සිදුවෙනවා. මේ දියඇලි ආකෘතියට අනුව බැලුවම තොරතුරැ පද්ධති සංවර්ධනය කියල කියන්නෙ නොනවතින ක්‍රියාවලියක්. ඒක ඉතින් ගොඩක්ම සුදුසුවන්නෙ අපේ දෛනික ජීවිත අවශ්‍යතාවලදී පුලුල් විදියට භාවිතාවන ව්‍යාපෘතිවලට.
උදා -:   මෙහෙයුම් පද්ධතියක් අනුවාද කිහිපයක් විදිහට එළිදකින්නෙ දියඇලි ආකෘතියට අනුවයි.

දියඇලි ආකෘතියෙ අවාසි මොනවාද?????????????

  1. අපි ජීවත්වන මේ ලෝකයෙ තොරතුරැ පද්ධතියක් ක්‍රියාත්මකවෙද්දි හැමතිස්සෙම එක රේඛීය පියවරයන් ඔස්සෙ සිදුවෙන්නෙ නෑ. අන්න එතකොට ඉතින් මේ ආකෘතිය භාවිතාකරන්න බැරැව යනවා.

  1. ගොඩක් ව්‍යාපෘති ආරම්භ කරද්දි සේවාදායකාට ඔහුගෙ සියලු ඕනෑ එපාකම් ව්‍යාපෘති කණ්ඩායමට කියන්න බැරැව යනවා. ඒ වගේම තමයි සේවාදායකයාගෙ ඕනෑ එපාකම් මොනවද කියල ව්‍යාපෘති කණ්ඩායමටත් හොයාගන්න බැරැව යනවා.

  1. අවසන් නිමැවුම ලබාගන්න ගතවන කාලය අවිනිශ්චිතවෙනවා. ඒ වගේම සේවාදායකයාටත් නිමැවුම දැකගන්න පුලුවන්වෙන්නෙ අන්තිම අදියරේදී. ඒ නිසා ඒක සේවාදායකයා බලාපොරොත්තු  නොවූ විදියෙ එකක් වෙන්න පුලුවන්.

  1. මේ දියඇලි ආකෘතිය ඉදිරියට අරන්යන්න පුලුවන් වෙන්නෙ පියවරෙන් පියවර (step by step) ගිහිල්ලා. ඒ වගේම තමයි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒ එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕන. මෙන්න මේ වගේ දේවල් හින්දා ව්‍යාපෘති කණ්ඩාය මේ ඉන්න එක් එක් පියවරවල් සකස්කරන සාමාජිකයන්ට නිකරැණේ බලාඉන්න සිද්දවෙනවා.

ඔන්න ඔය වගේ කරැණු ගොඩක් මේ දියඇලි ආකෘතියෙ අවාසි විදිහට ගන්න පුලුවන්.


සර්පිලාකාර සර්පිල (Spiral) කෘතිය
   සර්පිලාකාර කෘතිය නිර්මාණයවෙලා තියෙන්නෙ රේඛීය කෘතියයි මූලාකෘතිකෘතියයි කට කතුවෙලා තනිකෘතියක් විදිහට
à   මේ සර්පිල කෘතිය ලෝකයට හඳුන්වාදුන්නෙ Bohem කියන තැනැත්තෙක්. ඒ 1988 දී  පමණ.
à    මේ කෘතියට අනුව මෘදුකාංග වෙලුම් ඔස්සෙ ඉතාමත් වේගවත්ව වැඩි දියුණු කරන්න පුලුවන්.
à     සර්පිල කෘතියක් ක්‍රියාකාරි රාමු කිහිපයකට බෙදලා තියෙනවා. (3  6 දක්වා)

අවධානය යොමුකළ යුතු කරැණු -:

à   මේ කෘතිය යටතෙදී සේවාදායකයා සහ නිමැවුම සංවර්ධනය කරන තැනැත්තා අතර හොඳඵලදායී සම්බන්ධයක්ගොඩනැගීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න න.
à    සම්පත් අර්ථ දැක්වීම, කාල සීමාවන් තීරණය කිරීම, ව්‍යාපෘතියට අදාළතොරතුරැ තීරණය කිරීම වගේදේවල්වලට අවශ්‍ය කාර්යයන් සැලසුම් කරන්න න.
à    අවදානම් විශ්ලේෂණ කාර්යයන් වැනි දේතක්සේරැ කිරීමෙදී තාක්ෂණික හා කළමණාකරණ අවදානම යන මේඅවදානම් 2ම ගැන සැලකිල්ලට ගන්නන.
à    යෙදවුම් නියෝජන 1ක් හෝ ඊට වැඩි ගණනක් නියෝජනය කරන්න ඉංජිනේරැකාර්යයන් අවශ්‍යවෙනවා.
à    ගොඩනැගීම, නිදහස්කිරීම වගෙ කාර්යයන් සහා ගොඩනැගීම, පරීක්ෂාකිරීම, පිහිටුවීම සහ පරිශීලක උපක්‍රම සැපයීම අවශ්‍යවෙනවා.

ඒකී - කෘත සංවර්ධන (Unified Development) ආකෘතිය



             ඒකී - කෘත සංවර්ධන ක්‍රියාවලිය පුනර්කරණයවන වැඩි දියුණු සංවර්ධන ක්‍රියාවලියකි (Iterative and incremental development). විස්තාරණය (Elaboration), ගොඩනැගීම (Construction) සහ මාරැව (Transition phases) කියන අදියරයන් කාල පරාසයන්ට බෙදාගනිමින්  මේපුණර්කරණය සිදුවේ. (විශාල ව්‍යාපෘතියකරම්භක අවධිය පවා පුණර්කරණයන්වලට බෙදී යන්න පුලුවන්.) හැම පුණර්කරණ ප්‍රතිඵලයක්ම කළින් මුදාහරින ලද පද්ධතියෙ අන්තර්ගත ක්‍රියාකාරකම්වල වැඩි දියුණුවක් සහිත පද්ධතියක් ලෙස ලි දකී. ත්තටම ගොඩක් පුණර්කරණයන් තුළ අවශ්‍යතා, සැලසුම්, ක්‍රියාවට නැංවීම්, පරීක්ෂාකිරීම් වගෙ අවධි ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට කොච්චර අවධි ක්‍රියාත්මක වුණත් මොකද ඒ කිනෙකට සම්බන්ධ පරිශ්‍රමයන් තමයි ව්‍යාපෘතියක තත්වය ගොඩක් දුරට වැඩි දියුණු කරලා වෙනස් කරන්නෙ.

ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන (Rapid Applications Development) ආකෘතිය ගැනත්






             ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය කියල කියන්නෙ ඉතාමත් කෙටි සංවර්ධන චක්‍රයක් සහිත රේඛීය මෘදුකාංග සංවර්ධන ක්‍රියා පිළිවෙලක් සහිත ආකෘතියකට. ඉතින් මේ ආකෘතියට මූලික වශයෙන් අයත්වන යෙදවුම් පද්ධති කිහිපයක් තියෙනවා. ඒ තමයි,
1.                  ව්‍යාපාරික
2.                  දත්ත
3.                  ක්‍රියාවලි
4.                  යෙදවුම්
5.                  පරීක්ෂා කිරීම්

දත්ත සම්ප්‍රේෂණයේ ගුණාත්මකබව අඩුවීමට බලපාන සාධක

රැහැන් සහිත හෝ රැහැන් රහිත මාධ්‍යක් ඔස්සේ සංඥාවක්  සම්ප්‍රේෂණ වන විට එය නොයෙක් බාහිර බලපෑම් වලට නතු වෙයි.එ නිසා සංඥාවේ මුලික ස්වරෑපය මෙන්ම ගුණාත්මක තත්වය වෙනස් විය හැකිය.එසේ වුවහොත් ග්‍රාහකයාට ලැබෙන්නේ සම්ප්‍රේෂණ අන්තයෙන් එවු මුල් සංඥාවට වඩා වෙනස් එකකි.එමෙන්ම සංඥාවට ඇතිවු බලපෑම යම් මට්ටමකට වඩා වැඩි වුවහොත්  ග්‍රාහකයාට සංඥාව නොලැබි යයි.මෙසේ දත්ත සම්ප්‍රේෂණය වන විට සංඥා වකට බලපෑම ඇතිවිය හැකි ප්‍රධාන අකාර තුනක් දැනගෙන තිබේ.
1.සංඥා විකෘතිය(signal distortion)
2.සංඥ හායනය(signal attenuation)
3.සහ ඝෝෂාව(noises)
වශයෙනි.

තොරතුරැ සංනිවේදනය හා සමාජය


තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ සමාජය(ICT and Society)
 තොරතුරු සන්නිවේදන තාක්ෂණය බලපාන සමාජයේ විවිධ ක්ෂේත්‍ර
සෞඛ්‍ය ක්ෂේත්‍රය
අධ්‍යාපන ක්ෂේත්‍රය
කෘෂිකාර්මික ක්ෂේත්‍රය
කාර්මික ක්ෂේත්‍රය
බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය
වෙළඳ ව්‍යාපාර
සෞඛ්‍ය ක්ෂේත්‍රය
MRI Scanning –  X-ray භාවිතා නොකර ශරීරයේ නොයෙකුත් කොටස් වල පින්තූර ලබා ගැනීමට භාවිතා කරයි.රෝගියා තබන ස්ථානයේ විශාල චුම්බකයක් තබා ඇත.රේඩියෝ තරංග ශරීරය තුලට යවා දත්ත ලබා ගනී.
CAT Scanning – X කිරන මගින් ලබා ගන්නා ඡායාරූප වලින් සමන්විත වේ.ශරීරයේ හරස්කඩ පින්තූර ලබා ගනී.
EEG - හිසමත සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් සංඥා ලබා ගෙන මොළයේ ක්‍රියාකාරිත්වය මනිනු ලබයි.
ECG - හෘදයේ ක්‍රියාකාරිත්වය හා අසාමානතා හඳුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණයකි.
Tele Medicing(ටෙලි වෙදකම) - අන්තර්ජාලය හරහා රෝගියකුගේ රෝගී පරීක්ෂාව ,බෙහෙත් වර්ග තීරණය කිරීම සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ආදිය වේ.
E- Channeling – අන්තර්ජාලය හරහා රෝහල් සහ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීම
වෛද්‍ය පර්යේෂණ සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම
ශළ්‍යකර්ම වලදී
රෝහල් වල වෛද්‍ය වාර්තා තබා ගැනීම
Tele Medicing වල අභියෝග
වෛද්‍යවරයාගේ වගකීම සම්බන්ධ ගැටලු.
වෛද්‍යවරයා නිසි සුදුසුකම් ලද්දෙක් ද යන්න වග
වැඩි මුදල් ප්‍රමාණයක් වැය වීම
ආරම්භක වියදම් ඉහල වීම
තොරතුරු හුවමාරුව සඳහා වැඩි වියදමක් යාම

අධ්‍යාපන ක්ෂේත්‍රය
මෙය කොටස් 3කි.
1. E learning (විද්්‍යුත් ඉගෙනීම)
2. ඉගෙනුම් කළමණාකරණ පද්ධතිය
3. පාසල් තොරතුරු කළමනාකරණ පද්ධතිය
විද්්‍යුත් ඉගෙනීම (E learning)
විද්්‍යුත් අධ්‍යාපනය යනු තොරතුරු සහ සන්නිවේදන උපාංග ඇසුරින් අධ්‍යාපනය ලැබීම වේ.
පරිගණක පාදක ඉගෙනුම (CBT)
පරිගනක ආධාරක ඉගෙනුම (CAL)
අන්තර්ජාල පාදක ඉගෙනුම (WBT)
අන්තර්ජාලය හරහා දුරස්ථ අධ්‍යාපනය
අධ්‍යාපනික සීඩී/ඩීවීඩී ආදිය නැරඕම.
ඉගෙනුම් කළමනාකාර පද්ධතිය
විශාල කණ්ඩායම් වලට අර්ථවත් ලෙස ඉගෙනුම් කල හැකි ක්‍රමවේදයකි.මෙහි දී විවිධ මෘදුකාංග භාවිතා කරයි.
පාසල් තොරතුරු කළමනාකාර පද්ධති
විවිධ මෘදුකාංග භාවිතා කරමින් පාසල් ක්‍රියාවලිය කාර්්‍යක්ෂම කිරීම පාසල් තොරතුරු කළමනාකරණ පද්ධතියෙන් සිදු වෙයි.මේ මගින්
ගුරු කාලසටහන් සැකසීම
සිසුන් ලියාපදිංචි කිරීම
පංති බෙදීම
ගුරු වැටුප් සැකසීම
ගුරු නිවාඩු සැකසීම
චරිත සහතික නිකුත් කිරීම
පහසුකම් ගාස්තු

කෘෂිකාර්මික ක්ෂේත්‍රය
තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කෘෂිකාර්මික  දැනුම බෙදා ගැනීම
දුෂ්කර ප්‍රෙද්ශ වල සිටින ගොවීන් දැනුවත් කිරීම
ආනයන සහ අපනයන කරුවන් අන්තර්ජාලය හරහා ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීම
කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට අවශ්‍ය කාළගුණික තොරතුරු ලබ දීම
වෙළඳපල මිළ ගණන් පිළිබඳව දැනුවත් කිරීම
කෘෂි පර්යේෂණ සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනිම
නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය
කිරි ලබා ගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම
සත්ත්ව ආහාර සැකසීමේ දියුණු ක්‍රම භාවිතය
පලිබෝධනාශක නිෂ්පාදනය
කර්මාණ්ත ක්ෂේත්‍රය
රොබෝ තාක්ෂණය භාවිතය
පරිගණක ආධාරයෙන් සැලසුම්කරණය. මේ සඳහා CAD මෘදුකාංග යොදා ගැනේ.(උදා.Autocad)
නවීන යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය
බැංකු ක්ෂේත්‍රය
ණයපත් භාවිතය(Credit card)
ATM
බැංකු කටයුතු පාලනය කිරීම
අන්තර්බැංකු මුදල් හුවමාරුව
පොළිය ගණනය කිරීම
ව්‍යාපාරික ක්ෂේත්‍රය
Online shopping(E – commerce) විද්්‍යුත් වාණිජ්‍යය
ප්‍රචාරණය (උදා. වෙළඳ දැන්වීම්,පුවත්පත්,අන්තර්ජාලය හරහා ප්‍රචාරන ක්‍රම භාවිතය)
ගිණුම් වාර්තා තබා ගැනීම
සේවක වාර්තා තබා ගැනීම
විද්්‍යුත් වාණිජයේ වාසි(අන්තර්ජාල වෙළඳාම Online shopping)
අතරමැදියන් අඩු වීම
පිරිවැය අඩු වීම
පුලුල් වෙළඳපල
පැය 24 පුරා විවෘත වීම
ගුණත්වයෙන් උසස් භාණ්ඩ ලබා ගැනීමට හැකි වීම
Credit card, Charge card ආදියෙන් ගෙවීම් කල හැකි වීම
Online සාප්පු සවාරි යාමේදී ආරක්ෂාව සඳහා අනුගමනය කල යුතු ක්‍රියා
ඔබ ගනුදෙනු කරන පුද්ගලයා ගැන හොඳින් දැන සිටීම(ලිපිනය,දුරකථන අංක අදිය)
කෙතරම් මුදලක් වැය වේද යන්න
ගෙවීම් ක්‍රමවේදය කුමක් ද යන්න දැන සිටිය යුතුය.(Credit card,Chard card,Paypal)
ගණු දෙනු නීති රීති පිලිබඳව දැන සිටිය යුතුය
සුපරීක්ෂාකාරීව ගෙවීම් සිදු කිරීම
පරිගනක සාරධර්ම ,නීතිමය හා සාමාජීය ප්‍රශ්න
පරිගනක සාරධර්ම යනු කුමක් ද? 1.පරිගනක භාවිතා කිරීමේ දී හර දේ කුමක් ද වැරදි දේ කුමක් ද යන්න හඳුනාගෙන කටයුතු කිරීම 2.අන් අයට බාධා නොවන ආකාරයට සාධාරන ආකාරයට පරිගනක තාක්ෂණය භාවිතා කිරීම
පරිගනක හිංසාකාරී ක්‍රියාවන්
වෛරස් ආදි හානිදායක වැඩසටහන් නිපදවීම
හැක් කිරී හෙවත් අන් අයගේ පරිගනක වලට අනවසරයෙන් ඇතුල් වී හානිදායක ක්‍රියාවන් සිදු කිරීම
අන් අයගේ පෞද්ගලිකත්වයට බාධා කිරීම (උදා.පෞද්ගලික තොරතුරු ලබා ගැනිම,තර්ජනය කිරීම වැනි)
මෘදුකාංග සොරකම් කිරීම
අසභ්‍ය වෙබ් අඩවි,වීඩියෝ දර්ශන සඳහා යොමු කරවීම

පරිගනක සාරධර්ම ,නීතිමය හා සාමාජීය ප්‍රශ්න
1) පරිසර සාධක වලින්
a) දූවිලි වලින් තොර ස්ථානයක පරිගනකය තැබීම
b) හිරු එළිය කෙලින්ම නොවදින ස්ථානයක තැබීම
c) තෙත සහිත ස්ථාන වල තැබීමෙන් වැලකීම
2) දෘඩාංග වල ආරක්ෂාව සඳහා
a) UPS එකක් භාවිතය (විදුලි ඇණ හිටීම් වලින් පරිගනකය ආරක්ෂා කර ගැනීම සඳහා)
b) අකුණු ආරක්ෂණ ක්‍රම භාවිතය
c) වෝලිටීයතා පාලකයක් භාවිතා කිරීම
3) මෘදුකාංග වල ආරක්ෂාව සඳහා
a) මුරපද (password) යෙදීම
b) Backup කිරීම හෙවත් දත්ත වල පිටපත් ලබා ගැනීම.(මේ සඳහා දෘඩ තැටිය,CD,DVD,Flash drive ආදිය භාවිතා කල හැකිය.)
පරිගනකයට හානි දායක වැඩසටහන්
පරිගනක වලට පිටින් පැමිණෙන හානිදායක වැඩසටහන් වර්ග 3කි.එනම්,
වෛරස වර්ග
Worm
Trojan horse (ට්‍රොජන් අශ්වයා)
වෛරස වර්ග
වෛරස යනු පරිගනකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන වැඩසටහන් විශේෂයකි.මේවා,
පරිගනකයෙන් පරිගනකයට ගමන් කරයි
මිනිසා විසින් නිපදවයි
තමා විසින්ම පිටපත් සකස් කර ගනී
පරිගනකයේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි.
උදා.file virus,Boot sector Virus
වෛරසයක් පරිගනකයට ඇතුල් විය හැකි ක්‍රම.
විද්යුත් තැපෑල(E mail මගින්)
අන්තර්ජාලයෙන් තොරතුරු Download (බා ගැනීම මගින්) කිරීම මගින්.
Flash drive (සැනෙලි මතකය) මගින්
වෛරස් ආසාධිත CD,DVD ආදිය මගින්
Floppy disk මගින්

වෛරසයක් වලින් පරිගනකයක් ආරක්ෂා කරගත හැකි ක්‍රමවේද,

මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම (update )
Virus Guard එකක් ස්ථාපිත කිරීම(ප්‍රති වෛරස මෘදුකාංගයක්)
Virus Guard එක යාවත්කාලීන කිරීම.
නොදන්නා ලිපින වලින් පැමිණෙන E mail නැරඕමෙන් වැලකීම
සැක සහිත Flash drive පරිගනකයට සම්බන්ධ කිරීමෙන් වැලකීම.
පරිගනකයට සම්බන්ධ කරන උපාංග වෛරස් මෘදුකාංගය මගින් ස්කෑන් කිරීමකට ලක් කිරීම
Firewall යනු,
අනවසරයෙන් පුද්ගලයින් පරිගනකයට ඇතුල් වීම වලක්වන මෘදුකාංගයකි.
Trojan Horse යනු,
ප්‍රයෝජනවත් වැඩසටහනක් හෝ මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් පරිගනකයට හානි පමුණුවන මෘදුකාංග වේ.
ICT සහ සෞඛ්‍යය
පරිගනකය භාවිතයේ දී ශරීරයේ සමහර අවයව වලට විවිධ බලපෑම් ඇති විය හැකිය.පරිගනකය දිගු වේලාවක් භාවිතා කිරීම නිසා මෙවැනි තත්වයන් හට ගත හැකිය.මෙය පොදුවේ repetitive strain injuries (RSI) ලෙස හැඳින්විය හැකිය.උදා.බෙල්ල,කොන්ද,ඇස්,අත් වැනි...මෙවැනි තත්වයන් වලක්වා ගැනීම සඳහා පහත පියවරයන් අනුගමනය කල හැකිය.
i) ඉඳගැනීමේ දී
(1) නිවැරදි උසකින් ඉඳගැනීම
(2) නිවැරදි ඉරියව්වකින් ඉඳගැනීම
(3) කොන්ද සෘජුව තබා ගැනීම
(4) පාද බිම ගෑවෙන සේ තබා ගැනීම
ii) යතුරු පුවරුව භාවිතයේ දී,
(1) මැණික් කටුව අත හා කෙලින් තබා ගැනීම
(2) ඇඟිලි ස්වාභාවිකව නැවීම
(3) යතුරු පුවරුව නිවැරදි උසකින් තබා ගැනීම
iii) මවුසය භාවිතය
(1) Mouse Button ඉතා මෘදුව ස්පර්ශ කිරීම
(2) තදින් ස්පර්ශ නොකිරීම
(3) අතට අසුවන පුමාණයේ මවුසයක් භාවිතා කිරීම
iv) ඇස හා පරිගනක තිරය
(1) ඇසත් මොනිටරයත් අතර දුර අඟල් 18 ත් 30 ත් අතර ප්‍රමාණයකින් තබා ගැනීම
(2) මොනිටරය ඇස් මට්ටමට වඩා පහලින් නිතරම තබා ගැනීම
(3) සාමාන්‍ය ඇසිපිය ගැසීමේ වේගය පවත්වාගෙන යාම
(4) විටින් විට විවේකයක් ගැනීම
(5) පරගනක තිරයට කෙලින්ම ආලෝකය පතිත නොවන ස්ථානයක පරිගනකය තැබීම
DIGITAL DIVIDE (ඩිජිටල් බෙදීම)
තොරතුරු තාක්ෂණය නැතහොත් පරිගනක තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව ඇති හා අවස්ථාව නැති අය අතර ඇති පරතරය ඩිජිටල් බෙදීම යනුවෙන් හැඳින්විය හැකිය.උදා.වයස් පරතරය අනුව,නාගරික සහ ග්‍රාමීය වශයෙන්
මෙම තත්වය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග,
දුෂ්කර ප්‍රදේශ වල පාසල් සඳහා පරිගනක පහසුකම් ලබා දීම
පරිගනක දැනුම ඇති ගුරුවරුන් ලබා දී පරිගනක සාක්ෂරතාවය දියුණු කිරීම
දුෂ්කර ප්‍රදේශ වල පරිගනක මධ්‍යස්ථාන පිහිටුවීම
පරිගනක පුහුණු කිරීමේ ආයතන ඇති කිරීම
නැණසල වැනි ආයතන ලබා දී අන්තර්ජාල පහසුකම්,නොමැති ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබා දීම
පරිගනක දැනුම නොමැති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් තෝරා පුහුණු පාඨමාලා ලබා දීම
යටිතල පහසුකම් පුලුල් කිරීම

සිංහල යුනිකේත

සරලව කිවොත් සිංහල යුනිඩ් (SINHAL UNICODE) යනු සියළුම සිංහල අක්ෂර Keyboard පමනක් එක භාවිතා කරල පහසුවෙන් පරිගණකරට ඇතුලු කරන්න පුළුවන් විදිහක්. ඉස්සර UNICODE තිබුන නැති නිසා යතුරු ලියන්න නැත්නම් ( sinhala typing) කරේ Font පාවිව්චි කරල ඒහෙත්‍ ඇලපිල, ඉස්පිලි, පාපිලි, හල්කිරීම්, විරාම ලකුණු, කමා, උදුෘත සහ විශේෂ අක්ෂර ඇතුලු කරන්නට විවිද අපහසුතා තිබුන Symbol එක මගින් ගන්න උනා, විවිද තැන්වලට File එක ගෙනියන විට Font එකත් රැගෙන යන්න උනා ඒ වගේම අන්තර්ජාලයේ ( Internet ) සහ පරිගණකයේ විවිද ‍ සිංහල අක්ෂර බාවිතා කරන්න හැකියාවක් තිබුනෙ නැ. එ් අපහසුතා සියල්ල මගහැරුන Unicode ආපු නිසා , සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට අදාළ Unicode පහසුකම පරිගණකයේ පිහිටවා නැතිනම් අපට පිහිටුවා ගැනීමට සිදු වෙනවා. දැනටමත් ඔබ එය භාවිතා කරනවාට සැකයක් නැත.මෙම පහසුකම සපයන Package එකක් තමයි SinhalTamil Kit කියන්නෙ.ඔබ දැනටමත් දන්නව ඇති මෙමගින් type කරන විට තිබුන අපහසුතාවයක් තමයි තිබුන එක Font Style එකයි Iskoola potha විතරයි. ඒක‍ට ⁣හේතුව Unicode වලට අදාලව Font නිර්මාණය කරන්න කවුරු‍ත් ‍ඉදිරිපත් වුනේ නැ. ඔබටත් ඔනනම් නිර්මාණය කරන්න පුළුවන් වැඩි විස්තර සඳහා https://www.icta.lk/icta-assets/uploads/2016/01/1090_Guide%20to%20creating%20Sinhala%20and%20Tamil%20Unicode%20fonts.pdf ඒ කොහොම උනත් ICTA ආයතනය මගින් විවිද හැඩ ඇති Font කිහිපයක් නිර්මාණය කරල තියනව Iskoola potha වෙනුවට Download කරල Install කරල පාවිච්චි කරල බලන්න. https://drive.google.com/file/d/0BwVVGGN_mis5UTFVRHNaT2RsWTg

GIT විභාගය

ඔබ GIT විභාගය ගැන දැනන් හිටියද. නැත්තං මේ ටික කියවන්න.වැදගත් වේවි. සමහර පාසල් වල GIT විභාගය ගැන එතරම් තැකීමක් කරන්නෙ නැහැ.ඊට ප්‍රදාන හේතුවක් ලෙස ශිශ්‍ය සංඛ්‍යාව වැඩි වීම හදුනගන්න පුලුවන් එතකොට practical කරන්න amarui.ඒ හින්ද ගොඩක් ගුරුවරු මේ විෂය පිළිබද අවදානයක් ලබා දෙන්නැහැ .නමුත් බොහො දෙනා මෙකෙ තියන වැදගත්කම දන්නේ නෑහැ...අපි බලමු මේකේ වැදගත්කම ගැන ... 1.මේක ගොඩාක්ම වටින්නෙ අඩ්‍යාපන අමාත්‍යාංශයන් පරිගණක පිලිබඳව දෙන එකම සහතිකය වීම ... ගොඩාක් අය පරිගණක පාඨමාලා කරන්වා () වගේ ආයතන වලින් කොච්චර කෝස් කරත් GIT සහතිකය තරම් එකක්වත් වටින්නෙ නැහැ.මේක අද්යාපන අමාත්‍යාංශයෙන් දෙන නිසා තම පිලිගැනීම තියෙන්නේ.මේ පිලිබදව ගොඩක් අය දන්නේ නැහැ .... 2. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා ගොඩක් අය දුක් වෙන දෙයක් තමයි campus එක ලකුණෙන් දෙකෙන් මිස් වෙන 1.ඉතින් බාහිර සුදුසුකම් ඒ කිව්වේ ක්‍රීඩා සහතික වගේ ඒවා තියනවනම් එකට ලකුණු හම්බෙනවා කියලා හැමෝම දන්නවනේ....ඉතින් GIT වලට A එකක් තියනවා කියන්නේ ඒ වගේම පිළිගැනීමක් තියනවා ...... 3. NVQ සහතිකයට ඉදිරිපත් වීමට හැකියාව ලෝකෙම පිළිගන්න දෙයක් තමයි NVQ කියන සහතිකය .ඉතින් මේ සහතිකය සදහා GIT පාස් වෙලා තියනවනම් directly apply කරන්න පුළුවන්. 4.රැකියා සදහා ප්‍රවේශ වීමට රැකියාවකට යද්දී ICT වල දක්ෂයෙක් කියල පෙන්නනන්න තියන එකම සුදුසු කම තමයි GIT සහතිකය .. ඉතින් මේවා තමයි GIT එකෙන් තියන ප්‍රයෝජන ....ගොඩක් අය මේ පිලිබදව දන්නැහැ ...අනිත් දේ තම සමහර පාසල් වලින් ළමයි නොමග යවනවා මේක වැඩක් නැහැ කියල.....එකට හේතුව ගොඩක් ගුරුවරු මේ පිළිබද හරියාකාර දැනුමකින් තොර වීම....